CEB | Knowledge Hub

දැනුම බලය වේ!

මහජනතාව දැනුවත් කිරීමේ වීඩියෝපට

මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් අප විසින් නිෂ්පාදනය කරන ලද වීඩියෝපට නරඹා ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනය පිළිබඳ දැනුවත්භාවයක් ලබාගන්න.


විදුලි මහත්තයා 1

විදුලිබල උත්පාදනය

ඔබ අප සැමදෙනා පරිභෝජනය කරන විදුලිබලය උත්පාදනය කරනු ලබන්නේ ජලය, හිරු එළිය, ගල් අඟුරු, ඛණිජ තෙල්, ස්වභාවික වායු සහ සුළං ආදී ප්‍රභවයන් විදුලිබලාගාරවලදී විදුලිබලය බවට පරිවර්තනය කරමින්ය. විදුලිබලය ජනනය කරනුයේ කම්බි දඟර තුළ භ්‍රමණය වන විශාල චුම්බකයක් මගිනි.

අධි පීඩන වාශ්ප හෝ ජලය ටර්බයින කැරකැවීමට යොදාගැනෙයි. විශාල පංකාවක් ජනක යන්ත්‍රයට සම්බන්ධ කර ඇති අතර එය චුම්බකය භ්‍රමනය කරගැනීම සඳහා භාවිත කෙරේ.

මෙම ක්‍රියාවලිය හරහා කම්බි දඟර තුළ චුම්බකය භ්‍රමනය වන විට විදුලි බලය උත්පාදනය වේ.

 

ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය හසුරුවනු ලබන ආකාරය.


මෙම විදුලි ධාරා එකිනෙකට සම්බන්ධ (අන්තර්සම්බන්ධ) දැලක් බඳු ව්‍යූහයක් ව්‍යූහයක් ලෙස පවතින්නා වූ අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග ඔස්සේ ඔබේ ප්‍රදේශයේ උපපොළ වෙත ලැ‍බේ. උපපොළේ දී වෝල්ටීයතාවය අඩු කිරීමට ලක්වන අතර එය ඉහළින් දිවෙන හෝ පොළව තුළින් දිවෙනා බෙදාහැරීමේ මාර්ග මගින් ඔබේ නිවසට හෝ කාර්යාලයට ගෙන එනු ලැබෙයි.


නේවාසික ප්‍රදේශ කරා දිවෙනා විදුලි රැහැන් සාමාන්‍යයෙන් වෝල්ටී‍යතාවය 4,200 – 34,500 අතර විදුලියක් රැගෙන යයි. ඒ ඒ කලාපයන් තුළ කණු මත (හෝ භූමිය මත සුරක්ෂිතව ස්ථාපනය කර ඇති) වෝල්ටීයතාවය පහළ දමන ට්‍රාන්ස්ෆෝමර භාවිතයෙන් (STEP-DOWN TRANSFORMER) එම විදුලියේ වෝල්ටීයතාවය නිවාසවල භාවිතයට සුදුසු වන ආරක්ෂාකාරී සාමාන්‍ය වෝල්ට් 120 සිට 240 දක්වා ප්‍රමාණයන්ට තවදුරටත් අඩු කෙරේ.

How electricity works illustration

 

විදුලිය ක්‍රියාකරන්නේ කෙසේ ද?

විදුලිබලය සෑම විටම අවම ප්‍රතිරෝධයක් ඇති මාර්ගය ඔස්සේ භූගත වීමට උත්සහ කරයි - තුවාලවීම් සහ හානිවීම් සිදුවිය හැක්කේ එවන් අවස්ථාවන්වලය.

විදුලි රැහැන් වැනි සන්නායක ඒවා අතරින් විදුලි බලයට නිදහසේ ගලා යෑමට ඉඩ සළස්වන අතර, පරිවාරක විදුලිය ගලා යෑමට ප්‍රතිරෝධී වේ. උදාහරණ කිහිපයක්:

සන්නායක - ලෝහ, ජලය, තෙත් සහිත බවකින් යුක්ත දෑ, ගස් (ඒවායේ තෙතමනය සහිත නිසා), මිනිසුන් (අපගේ ශරීරවල ජලය සහිත නිසා)

පරිවාරක - රබර්, වීදුරු, පෝසිලේන්, ප්ලාස්ටික්

නිවස තුළ පවතින සන්නායක බොහෝවිට පරිවාරක ද්‍රව්‍යයන්ගෙන් ආවරණය කර තිබීමම සාමාන්‍ය දෙයකි. (රබර්වලින් ආවරණය කර ඇති විදුලි රැහැන් දිගු ආදී), කෙසේ නමුත් විවිධ හේතු නිසා පරිවාරකයන්ගේ පැවැත්මට හානි විය හැකිය. එහෙයින් එය ආරක්ෂාව සහතික නොකරන්නේය.

විදුලි මහත්තයා 2

ඔබේ නිවසේ විදුලි ජාලය පිළිබඳ ඔබ දැන සිටිය යුතු කරුණු.