තීරුබදු සැලැස්ම


කර්මාන්ත අරමුණු සඳහා

2015 මාර්තු 06 දිනැති අංක: 1904/58 දරණ යටතේ පළ කරන ලද ගැසට් පත්‍රිකාවේ, විස්තරාත්මක වර්ගීකරණයේ (ඉලක්කම් පහේ විස්තරාත්මක පිටපතේ), අදාළ කොටස් යටතේ විස්තරකර දක්වා ඇති පරිදි, කෘෂි, වන හා ධීවර, පතල් හා කැණීම්, නිෂ්පාදන කර්මාන්ත, විදුලිබලය, වායු, හුමාල සහ වායුසමීකරණ සේවා සැපයුම්, ජල සැපයුම, මළාපවහන, අපද්‍රව්‍ය කළමණාකරණය හා ප්‍රතිකාරක සේවා යන ක්ෂේත්‍ර වල පරිභෝජනය පිණිස විදුලිය සැපයීම. පහත දැක්වෙන සම්බන්ධතාවය මගින් ඔබට එහි පිටපතක් බාගත කර ගත හැකිය.



පාරිභෝගික ප්‍රවර්ගය I-1

ගිවිසුම්ගත ඉල්ලුම කිවොඇ 42 (42kVA)ට අඩු හෝ සමාන වන සහ වෝල්ටීයතාවය 400/230 (400/230 Volt) ලෙස සපයා ගණනය කෙරෙන එක් එක් සේවා සැපයීම් වලට මෙම ගාස්තු වලංගු වේ.

වගුව 2 - කාර්මික-1 යටතේ ගැණෙන පාරිභෝගිකයින් සඳහා අදාල අය ක්‍රමය

එක් මාසයක පරිභෝජනය (කිවොපැ) බලශක්ති ගාස්තුව (රු. /කිවොපැ)   ස්ථාවර ගාස්තුව (රු. /මාසකට) එක් මාසයකට උපරිම ඉල්ලුම් ගාස්තුව (රු./කිවොඇ)
<301 10.80 600.00
>300 12.20

 

පාරිභෝගික ප්‍රවර්ගය I-2

ගිවිසුම්ගත ඉල්ලුම කිවොඇ 42 (42 kVA)ට වැඩි, වෝල්ටීයතාවය වෝල්ට් 400/230 (400/230 Volt) ලෙස සපයා ගණනය කෙරෙන එක් එක් සේවා සැපයීම් වලට මෙම ගාස්තු වලංගු වේ.

වගුව 3 - කාර්මික-2 යටතේ ගැණෙන පාරිභෝගිකයින් සඳහා අදාල අය ක්‍රමය

කාල අන්තරය බලශක්ති ගාස්තුව (රු./කිවොපැ)   ස්ථාවර ගාස්තුව (රු. /මසකට) එක් මාසයකට උපරිම ඉල්ලුම් ගාස්තුව (රු./කිවොඇ)
Peak  (18.30-22.30) 20.50 3,000.00 1,100.00
Day (5.30-18.30) 11.00
Off-peak (22.30-05.30) 6.85

 

පාරිභෝගික ප්‍රවර්ගය I-3​

වෝල්ටීයතාවය වෝල්ට් 11,000 සහ ඊට වැඩි (11,000 Volt nominal & above) ලෙස සපයා ගණනය කෙරෙන එක් එක් සේවා සැපයීම්වලට මෙම ගාස්තුව වලංගු වේ.

වගුව 4 - කාර්මික-3 යටතේ ගැණෙන පාරිභෝගිකයින් සඳහා අදාල අය ක්‍රමය

කාල අන්තරය බලශක්ති ගාස්තුව (රු./කිවොපැ)   ස්ථාවර ගාස්තුව (රු. /මසකට) එක් මාසයකට උපරිම ඉල්ලුම් ගාස්තුව (රු./කිවොඇ)
Peak  (18.30-22.30) 23.50 3,000.00 1,100.00
Day (5.30-18.30) 10.25
Off-peak (22.30-05.30) 5.90

 


උපදේශන පත්‍රිකා බාගත කරගන්න

English

Sinhala

Tamil