CEB | New Customer

ගෙවීම් කිරීම පිළිබඳව නව පාරිභෝගිකයින් හට උපදෙස්

ඔබේ විදුලි බිල්පත්වලට අදාල ගෙවීම් හැකි ඉක්මනින් ගෙවීම මගින් අප හට සහාය වන්න.

ඔබ විසින් ගෙවීම් කිරීමේදී බිල්පතෙහි වෙන් නොකළ යුතු අත්‍යාවශ්‍ය කොටස් වෙන් කර ලබා දීමක් හේතුවෙන් වෙනත් විදුලි ගිණුමකට ඔබේ මුදල් වැරදි ලෙස බැරවුවහොත් ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වගකීමක් දරණු නොලැබේ. මෙබඳු තත්ත්වයක් උද්ගත වුවහොත් එය කරණකොටගෙන ඔබගේ විදුලි සැපයුම විසන්ධි කිරීමක් වුව සිදුවිය හැකිය.

මුදලින් ගෙවීම් කිරීම

ගෙවීම් කිරීමේදී මුදලින්, චෙක්පත් මගින් හෝ බැංකු අණකර මගින් පහත විස්තර කර ඇති ගෙවීම් කවුළු (පොයින්ට් ඔෆ් සේල්ස් හෝ පීඕඑස් කවුන්ටර ලෙස හඳුන්වන) වලදී සිදු කළ හැකිය.

පහත බැංකු මගින් මුදලින් ගෙවීම් කටයුතු කිරීමට හැකියාව ඇත.

මහජන බැංකුව, ලංකා බැංකුව, හැට්න් නැෂනල් බැංකුව, කමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, එච්එස්බීසී බැංකුව, යූනියන් බැංකුව, ග්‍රාමීය සංවර්ධන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව.

දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල මගින්

කාගීල්ස් සුපිරි වෙළඳසැල් මගින්

සිංගර්, අබාන්ස් අලෙවිසැල් මගින්

අප වෙබ් අඩවිය (ceb.lk) මගින් ද ගෙවීම් සිදු කළ හැකි අතර, සම්පත් නෙට් හා පීපල්ස් ස්මාර්ට් කෑෂ් හරහා ද ගෙවීම් කළ හැකිය.

චෙක්පත් මගින් ගෙවීම් කිරීම

මහජන බැංකුවේ පවතින ලංකා විදුලිබල මණ්ඩලයේ නිල ගිණුමට ගෙවිය හැකි වන පරිදි චෙක්පත් සියල්ල “සාමාන්‍යාධිකාරී - ලංකා විදුලිබල මණ්ඩලය” නමට ලිවිය යුතු අතර රේඛිත විය යුතුය.

විදුලි බිලෙහි අදාල චෙක්පත් අංකය ලිවිය යුතුය. එමෙන්ම චෙක්පතෙහි පිටුපස අදාල විදුලි ගිණුමේ අංකය සඳහන් කළ යුතුය.

යම් හෙයකින් චෙක්පතක් අගරුවී ආපසු හරවා එවීමක් සිදුවුවහොත් කිසිඳු පෙර දැනුම්දීමකින් තොරව විදුලිය විසන්ධි කිරීමකට ලක් විය හැකිය. එබඳු තත්ත්වයක් උද්ගත වුවහෙත් අදාල සම්පූර්ණ හිඟ මුදල් ප්‍රමාණය මුදලින් ගෙවිය යුතුවේ.

පියවනු ලබා නොමැති හිඟ මුදල්

ඔබ වෙත දැනුම්දෙන ලද කාලසීමාව තුළ හිඟ මුදල් පියවා අවසන් නොකරනු ලබන අවස්ථාවන්වලදී ඔබගේ විදුලි සැපයුම විසන්ධි කිරීමට නියෝගයක් නිකුත් කරනු ලැබේ. එසේ සැපයුම විසන්ධි කිරීමක් සිදුවුව හොත් නැවත සැපයුම ලබා දෙන විට අදාල අමතර ගාස්තු ඔබ විසින් ගෙවිය යුතුය. ඊට සැකසුම් ගාස්තුවක් සහ හිඟ මුදලට ගණනය කරන ලද පොළියක් ද ඇතුලත් වේ.

2008.10.24 දිනැති අංක 1527/25 දරණ (අති විශේෂ) රජයේ ගැසට් පත්‍රයට අනුව හිඟ මුදල් දින 30ක් ඇතුලත ගෙවීමට කටයුතු නොකරන අවස්ථාවන්වලදී ඊට 2% පොළියක් එකතු  කරනු ලැබේ.

මෙම කරුණු පිළිබඳව, ගෙවීම් පිළිබඳව හෝ සේවා සැපයුම් පිළිබඳව ගැටළුවක් ඇත්නම් විෂයගත කරුණට අදාලව ඔබ වෙත නිකුත් කරන ලද දැනුම්දීම ලැබී දින 14ක් තුළ අදාල ලංවිම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයාගෙන් විමසිය යුතුය.