CEB | Visit Our Power Plants

බලාගාර ලැයිස්තුව විදුලි බලාගාරයකට පිවිසෙන්නේ කෙසේද?

විදුලි බලාගාරයක් නැරඹීමට අවස්ථාව ලබාගැනීමේ ක්‍රමවේදය


තෝරාගත් විදුලි බලාගාරය නැරඹීමට පැමිණීම සඳහා අවසර ඉල්ලීමේ ලිපියක් අදාල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වෙත (නැරඹිය හැකි විදුලි බලාගාර ලැයිස්තුවේ ලිපින, දුරකථන අංක ඇතුළු තොරතුරු මෙම වෙබ් පිටුවේ දක්වා ඇත), බලාගාරය නැරඹීමට පැමිණීමට අපේක්ෂා කරන දිනයට අවම වශයෙන් සති දෙකකටවත් පෙර ලැබීමට සැළැස්විය යුතුය. පහත සඳහන් තොරතුරු ඉල්ලීම් ලිපියේ අන්තර්ගත විය යුතුය (මෙම පිටුවේ දකුණු පසින් ආදර්ශ ලිපිය බාගත කරගත හැකිය)

  • පැමිණෙන දිනය
  • සහභාගී වන්නන් සංඛ්‍යාව
  • පාසල් ළමුන් නම්, ගුරුවරුන්ගේ/දෙමව්පියන්ගේ ලැයිස්තුව
  • සහභාගී වන අයවලුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක
  • පැමිණීමට ඉල්ලුම් කරන පාර්ශවයේ සම්බන්ධ කරගැනීමේ ඇමතුම් අංක සහ ෆැක්ස් අංකය
  • පැමිණීමට ඉල්ලුම් කරන පාර්ශවයේ ලිපිනය

අදාල පාර්ශවයට පැමිණීමට නියමිත දිනයට පෙර අදාල අවසරය ලබාදී ඇත්දැයි යන්න නැරඹිය හැකි බලාගාර ලැයිස්තුවේ දක්වා ඇති අදාල දුරකථන අංක මගින් සහතික කරගත හැකිය. බලාගාරය නැරඹීම සඳහා අවසර ලබා දීමේ ලිපියක් ඒ සඳහා ඔබ පාර්ශවය පැමිණීමට නියමිත දිනයට දින දෙකකටවත් පෙර නොලද්දේ නම් වහාම අදාල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාලය සම්බන්ධ කරගන්න.

ඉල්ලුම් පත්‍ර බාගත කරගන්න