CEB | Corporate Responsibility

වගකීම


ලංකා විදුලිබල මණ්ඩලය 1969 අංක 17 දරණ පාර්ලිමේන්තු පනත මගින් 1969 නොවැම්බර් මස 01 වැනි දින ස්ථාපිත කරන ලද, සංස්ථාපිත මණ්ඩලයකි. ශ්‍රී ලංකාව තුළ විදුලි බලය උත්පාදනය කිරීමට, සම්ප්‍රේෂණය කිරීමට, බෙදාහැරීමට සහ සියළු ප්‍රවර්ගවල පාරිභෝගිකයින් වෙත ලැබෙන පරිදි සැපයීමට මෙන්ම ආදයම් එකතු කිරීමට ද ලංකා විදුලිබල මණ්ඩලය වෙත බලය පැවරී ඇත. එමෙන්ම අනුමත පටිපාටීන් අනුගමනය කරමින් මානව සම්පත් ලබා ගැනීම ඇතුළුව අනෙකුත් වත්කම් අත්පත් කරගැනීමට ද බලය පැවරී ඇත්තේය. තවද, ප්‍රායෝගික මෙන්ම සහ කාර්යසාධකත්වය ප්‍රත්‍යක්ෂ වූ කළමනාකරණ උපක්‍රම යොදාගනිමින් පවත්නා වූ සම්පත් ප්‍රශස්ථ ලෙස භාවිතා කිරීම ද ලංකා විදුලිබල මණ්ඩලයේ යුතුකමක් වන්නේ ය.