CEB | Knowledge Hub

ජාත්‍යන්තර ප්‍රමිති

ISO 14001:2004 සහතිකකරණය

ලංකා විදුලිබල මණ්ඩලය ISO 14001:2004 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකකරණය අනුගමනය කරයි.

ISO 14001:2004 ප්‍රමිතිය යනු යම් ආයතනයකට ජාත්‍යන්තරව පිළිගත් පාරිසරික කළමනාකරණ පද්ධතියක් (an environmental management system) සකස් කරගැනීමට අදාල අවශ්‍යතාවයන් (requirements) නියමාකාරයෙන් සඳහන් කර දක්වන්නකි. එමගින් පිළිබිඹු වන්නේ ලොව පුරා ආයතනවලට තම තමන්ට අදාල වන ආකාරයට ප්‍රායෝගිකව අනුගමනය කළ හැකි ධනාත්මක පාරිසරික භාවිතාවන් පිළිබඳ ගෝලීය එකඟතාවයන්ය.

මෙම ප්‍රමිතිය අනුගමනය කරන ආයතන විසින් සිය ආයතනයේ ක්‍රියාකාරකම් මගින් පරිසරයට සිදුවන හානියක් ඇතොත් එය අවම කිරීමට හෝ පරිසර හානියක් නොමැති මට්ටමකට ගෙන ඒම සිදුකරයි. ISO 14001:2004 ක්‍රමවේදය ඒ ඒ ආයතන විසින් සැලකිල්ලට ගත යුතු නීතිමය බැඳීම් (legal requirements), වෙනත් බැඳීම් (other requirements) මෙන්ම සුවිශේෂී පාරිසරික අංශයන්ට ද අනුකූල වන ලෙස සිය ආයතනික ප්‍රතිපත්ති (policy) සහ අරමුණු (objective)සංවර්ධනය කරගැනීමට මෙන්ම ඒවා ක්‍රියාවේ නැංවීමට උපකාරී වෙයි. මෙහිදී අදාළවන පාරිසරික අංශ වන්නේ අදාළ ආයතනයට පාලනය කරගත හැකි සහ බලපැවැත්විය හැකි බවට එම ආයතනය විසින්ම හඳුනාගන්නා පාරිසරික අංශයන්ය. ඒ හැර එතුලම නිශ්චිත වශයෙන් සුවිශේෂී පාරිසරික කාර්යසාධන නිර්ණායක සඳහන් කර නැත.

නිසි පාරිසරික කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කර, දියත් කර, පවත්වාගෙන යෑමට සහ එම පද්ධතිය වැඩිදියුණු කරගැනීමට බලාපොරොත්තු වන ඕනෑම ආයතනයකට ISO 14001:2004 ප්‍රමිති සහතිකකරණය යොදාගත හැකි අතර, ඒ සඳහා එම ආයතනය විසින්ම ප්‍රකාශික පාරිසරික ප්‍රතිපත්තියට (environmental policy) මෙන්ම ප්‍රමිති සහතිකකරණයේ ප්‍රතිපත්තිවලට ආයතනයේ පවතින අනුකූලතාවය ඔප්පු කිරීම සඳහා,

1) ස්වයං නිර්ණය සහ ස්වයං ප්‍රකාශනයක් සිදුකිරීම; හෝ

2) ගනුදෙනුකරුවන් වැනි ආයතනය පිළිබඳ උනන්දුවක් ඇති පාර්ශව වෙතින් ඊට ඇති අනුකූලතාවය පිළිබඳ තහවුරු කරගැනීම; හෝ

3) ආයතනයට බාහිර පාර්ශවයක් වෙතින් ‘ස්වයං ප්‍රකාශනය’ට ආයතනයේ ඇති අනුකූලතාවය තහවුරු කරගැනීම; හෝ

4) ආයතනයේ පාරිසරික කළමනාකරණ පද්ධතියට අදාල සහතිකකරණය/ලියාපදිංචිය ආයතනයට පරිබාහිර සංවිධානයක් වෙතින් සිදුකරගැනීම, සඳහන් වේ.

ISO 14001:2004 හි ඇති අවශ්‍යතාවයන් සියල්ල අදහස් කර ඇත්තේ ඕනෑම පරිසර කළමනාකරණ පද්ධතියට අන්තර්ගත කිරීමට හැකි බවටය. කෙසේ නමුත් ඒවා කෙතරම් ප්‍රමාණයකට යොදාගන්නේ ද යන්න තීරණය වන්නේ, අදාල ආයතනයේ පාරිසරික ප්‍රතිපත්තිය, ආයතනයේ ක්‍රියාකාරකම්වල ස්වභාවය, ඔවුන් සපයනු ලබන භාණ්ඩ හා සේවා මෙන්ම ආයතනය ස්ථාපිතව පවතින ස්ථාන සහ එය ක්‍රියාත්මක වන තත්ත්ව වැනි සාධක මතය.

ISO 14001:2004 එය භාවිතා කරනා ආකාරය පිළිබඳ  විස්තරාත්මක මාර්ගෝපදේශනයක් ඇමිණුම A හි සපයයි.