CEB | Visit Our Power Plants

NCRE යනු කුමක් ද? වැඩිදුර තොරතුරු සඳහා

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ (NCRE Sector) සංවර්ධනය

ඉතිහාසය...

වර්තමානයේ අප රටේ විදුලිබල උත්පාදනයට හැකියාව පවතින ප්‍රධානම දේශීය බලශක්ති ප්‍රභවය ජල විදුලිබල ප්‍රභවයන් වන හෙයින්, ජලවිදුලිබල උත්පාදනයට රට තුළ පවතින හැකියාව උපරිමය දක්වා සංවර්ධනය කළ යුතු බවට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය සඳහා වන රාජ්‍ය ප්‍රතිපත්ති නියමයන් අපේක්ෂා කරයි. මෙම ප්‍රතිපත්තිය යටතේ, සියළු මහා පරිමාණ ජලවිදුලි උත්පාදන පහසුකම් ඉදිරි අනාගතයේ දී ද රජයේ පාලනය යටතේ පැවතීමට නියමිතය. පෞද්ගලික අංශයේ ආයෝජන කුඩා ජලවිදුලි බලාගාර මගින් විදුලිය ජනනය කිරීම සඳහා භාවිතා කෙරෙනු ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ සහාය කුඩා ජලවිදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ලබා දෙන ලදී. ලංවිම පුනර්ජනණීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිබලය උත්පාදනය කිරීම 1990 දශකයේ මුල් භාගයේ සිටම ප්‍රවර්ධනය කරන ලද අතර, ඒ සඳහා පුද්ගලික අංශයට අදාල පුහුණු කිරීම්, ධාරිතා වර්ධන කටයුතු, පූර්ව ශක්‍යතා අධ්‍යන කටයුතු සහ සම්පත් ඇගයීම ආදිය ද ඇතුළුව අවශ්‍ය සහාය ලබා දෙන ලද්දේය.

1997 වර්ෂය ආරම්භයේ දී ලංකා විදුලිබල මණ්ඩලය විසින් කුඩා පුනර්ජනනීය බලශක්ති උත්පාදකයින්ගෙන් (SSPs) විදුලිබලය මිලදී ගැනීමේ ක්‍රමවේදය නියමානුකූල බවට පත් කර විධිමත් කරන ලද්දේ සම්මත බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුම (SPPA) ප්‍රකාශයට පත් කිරීමත් සමගය. එහි වළකාලන ලද පිරිවැය සංකල්පය මත පදනම්ව විදුලිබලය මිලට ගැනීමේ මිල ගණනය කිරීමේ පරිපාටියක් ඇතුලත් විය. එය මෙවො 10ට අඩු ධාරිතාවයකින් යුක්ත විදුලි බලාගාර සියල්ලටම පිරිනමන ලදී. (වළකාලන පිරිවැය සංකල්පය යනු නව බලාගාරයක් තැනීම වෙනුවට තුන්වැනි පාර්ශවයකින් විදුලිය මිලට ගැනීම ඔස්සේ ලංවිම විසින් වළක්වාගන්නා ලද පිරිවැයයි)

අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති තාප විදුලිබල උත්පාදනයේ සිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය විවිධාංගීකරණයට ලක් කිරීමේ කටයුත්තේ ප්‍රතිපත්තියක් වශයෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ රජය මගින් හඳුනාගන්නා ලද බැවින් එම ප්‍රතිපත්තිය අනුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභව (කුඩා ජල විදුලිබල, ජෛව ස්කන්ධ, සුළං ආදී) සංවර්ධනය සඳහා අවශ්‍ය දිරිගැන්වීම් හා ආධාර සපයනු ලැබීය. එමෙන්ම, විදුලිබල උත්පාදනයේදී උපායමාර්ගික අරමුණක් ලෙස විවිධ ඉන්ධන භාවිතය මගින් බලශක්ති සම්පත් විවිධාංගකරණය හා බලශක්ති සුරක්ෂිතතාවය “ජාතික බලශක්ති ප්‍රතිපත්තිය” මගින් 2006 දී හඳුනා ගන්නා ලදී. ඒ අනුව එම උපායමාර්ගික අරමුණේ කොටසක් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනය හඳුනාගන්නා ලදී. ඉහත සඳහන් කරුණු සැළකිල්ලට ගනිමින් එ‌තෙක් පැවති “වළකාලන ලද පිරිවැය මත පදනම් වූ අයක්‍රමය” (avoided cost based tariff) වෙනුවට, 2007 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි පිරිවැය පදනම්කරගත්, ඒ ඒ තාක්‍ෂණයට විශේෂී, ත්‍රිත්ව ස්ථර අයක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගනු ලැබ ඇත.

 

NCRE Tariff Announcement (2022)

Click here to download the NCRE Tariff Announcement (2022) as a PDF.

සාර්ථකත්වය සඳහා වැදගත් කරුණු

RERED ව්‍යාපෘතිය ඔස්සේ අරමුදල් යෙදවීමේදී ලබාගත හැකි දීර්ඝකාලීන සහයෝගීතාවය.

පුනර්ජනනීය බලශක්ති උත්පාදන ක්ෂේත්‍රයේ සංවර්ධනය කඩිනම් කිරීම සඳහා රජයේ වගකීමේ කොටසක් ලෙස මෙන්ම විදුලිබල ක්ෂේත්‍රයට සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති භාවිතය එක් කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා රජය, ලෝක බැංකුව (World Bank) සහ ගෝලීය පරිසර පහසුකම (GEF) එක්ව සහයෝගය ලබා දෙන ග්‍රාමීය ආර්ථික සංවර්ධනය සඳහා වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය (RERED) අනුමත කරන ලදී.

රජය RERED ව්‍යාපෘතිය හරහා ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට පිහිටාධාර වීමට සහ විදුලිබලය සැපයීම මගින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට මෙන්ම, සාපෝක්ෂව අඩු අරමුදල් යෙදවීමක් සහිත කුඩා ජලවිදුලිබල ව්‍යාපෘති සඳහා වන මූල්‍ය සහයෝගය පුළුල් කිරීමද ඉලක්ක කරයි.

RERED ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය වන්නේ මුදල් හා සැලසුම් කිරීමේ අමාත්‍යාංශයයි. ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම, සම්බන්ධීකරණය සහ කළමනාකරණය ඩීඑෆ්සීසී බැංකුව තුළ පිහිටුවා ඇති පරිපාලන ඒකකයේ වගකීම් වෙයි.

සම්මත බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුමේ (SPPA) ධනාත්මක ලක්ෂණ

ලෝක බැංකුවේ සහයෝගය ද ඇතිව සම්මත බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුම (SSPA) වැඩිදියුණු කරන ලදුව, සම්මත නියමයන් සහ කොන්දේසි සමග කෙටුම්පත් කරනට යෙදුනි.  අදාල පහසුකම (facility) මගින් නිපදවන්නා වූ බලශක්තිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිලදී ගනු ඇති අතර, බලශක්තිය නොසැපයීමට දණ්ඩනක් ද නොපවතින්නේය.

පහත සඳහන් බලශක්ති ප්‍රභවයන් සම්ප්‍රදායික නොවන බලශක්ති ප්‍රභවයන් ලෙස සැළකේ.

  • ජලවිදුලි බලශක්තිය (කුඩා ජලවිදුලිබලාගාර)
  • සුළං බලශක්තිය
  • ජෛව ස්කන්ධ (ඩෙන්ඩ්‍රො) බලශක්තිය
  • කෘෂිකාර්මික හා කාර්මික අපද්‍රව්‍ය බලශක්තිය    
  • නාගරික අපද්‍රව්‍ය
  • අපද්‍රව්‍ය තාප ප්‍රතිසාධන බලශක්තිය
  • තරංග බලශක්තිය
  • සූර්ය බලශක්තිය

For More Information

විද්යුත් තැපෑල - [email protected]

දුරකථන - (+94) 11-2344775

ෆැක්ස් - (+94) 11-2344774

වෙබ්අඩවිය - www.ceb.lk

ලිපිනය -

බලශක්ති මිලදී ගැනීමේ ශාඛාව, සම්ප්‍රේශණ අංශය, ලංකා විදුලිබල මණ්ඩලය, 6 වන මහල, අංක 50, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත, තැ.පෙ. 540, කොළඹ 02