“ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහන සමඟ ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානයේ 2025 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම 2025 ජනවාරි මස 1 වැනි බදාදා දින සිදුකෙරින.
මෙම අවස්ථාව ලංවිම උප සභාපති මහාචාර්ය සාලිය ජයසේකර මහතා සහ ලංවිම වැඩ බලන සාමාන්‍යාධිකාරි ඉංජිනේරු ඩබ්ලිව්. එදුස්සූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එමෙන්ම ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරිවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සේවක මහත්ම මහත්මීන් රැසක් ද වැඩසටහනට සහභාගී විය.
තවද, ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් දියත් කෙරුනු “Clean Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව ලංවිම කාර්යාල පරිශ්‍ර තුල පුරවැසි ප්‍රතිඥාව/දිවුරුම ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලදි.