CEB | Business With CEB


ලංකා විදුලිබල මණ්ඩලයේ 52 වන සංවත්සරය සැමරේ.


ලංකා විදුලිබල මණ්ඩලයේ 52 වන සංවත්සර සැමරුම අද දින (01) ලංවිම ප්‍රධාන මූලස්ථානයේ දී සිදුකෙරින. මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍ය ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විය.

සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හේමන්ත සමරකෝන් මහතා,  ලංවිම සභාපති එම්.එම්. සී. ප්‍රදිනාන්දු මහතා සහ ලංවිම සාමාන්‍යාධිකාරි, ඉංජිනේරු. එම්.ආර්. රණතුංග මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්, ලංවිම නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී විය.


තවද, දිවයින පුරා සියලුම ලංවිම අංශ/ශාඛා/ඒකක ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් එම කාර්යාල පරිශ්‍ර තුළ 52 වන සංවත්සරය සමරන ලදී.

අදාළ පුවත්