CEB | Business With CEB


ලංකා විදුලිබල මණ්ඩලයේ වැල්ලවාය ප්රාදේශීය කාර්යාලය විවෘත කෙරේ.


කාර්යක්ෂම පාරිභෝගික සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් ස්ථාපිත කරන ලද වැල්ලවාය නව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය 2022 සැප්තැම්බර් මස 15 දින විවෘත කරන ලදී.

 

මෙම අවස්ථාවට අතිරේක සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම් අංශය - 3) ඉංජිනේරු ජී.ජේ. අලුත්‌ගේ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඌව) ඉංජිනේරු ඩබ්.ඒ.වී. වීරවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

වැල්ලවාය නව ප්‍රාදේශීය ඉංජිනේරු වශයෙන් ඉංජිනේරු උදේශ් මාපා මහතා කටයුතු කරනු ලබයි.

 

වැල්ලවාය, කුමාරදාස මාවත, අංක 10 යන ස්ථානයේ පිහිටා ඇති නව වැල්ලවාය ප්‍රාදේශීය  කාර්යාලයෙන් තණමල්විල, වැල්ලවාය හා බුත්තල පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ත්‍රිත්වයේ පරිපාලනයද සිදුකෙරේ.

 

මෙම නව කාර්යාලයට අමතරව ඌව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාලය යටතේ මේ වනවිට දියතලාව, බදුල්ල, මහියංගනය හා මොනරාගල වශයෙන් ප්‍රාදේශීය කාර්යාල 4ක් ද ක්‍රියාත්මක වෙයි.

 

 

නව කාර්යාලය සම්බන්ධ කරගත හැකි තොරතුරු පහත පරිදි වෙයි.

 

ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලය - වැල්ලවාය

අංක 10, කුමාරදාස මාවත, වැල්ලවාය

දුරකථන :0552280803

ෆැක්ස් :0552280804

විද්‍යුත් තැපැල්: wellawaya@ceb.lk

අදාළ පුවත්