CEB | Business With CEB

NCRE යනු කුමක් ද? ජාතික බලශක්ති ප්‍රතිපත්තිය වත්මන් තත්ත්වය

සම්ප්‍රදායක නොවන පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ විදුලිබලය මිලට ගැනීමේ අයක්‍රමය (NCRE)

අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති තාප විදුලිබල උත්පාදනයේ සිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය විවිධාංගීකරණයට ලක් කිරීමේ කටයුත්තේ ප්‍රතිපත්තියක් වශයෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ රජය මගින් හඳුනාගෙන ඇත. එබැවින් එම ප්‍රතිපත්තිය අනුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභව (කුඩා ජල විදුලිබල, ජෛව ස්කන්ධ, සුළං ආදී) සංවර්ධනය සඳහා අවශ්‍ය දිරිගැන්වීම් හා ආධාර සපයනු ලැබීය.

තවද, විදුලිබල උත්පාදනයේදී උපායමාර්ගික අරමුණක් ලෙස විවිධ ඉන්ධන භාවිතය මගින් බලශක්ති සම්පත් විවිධාංගකරණය හා බලශක්ති සුරක්ෂිතතාවය “ජාතික බලශක්ති ප්‍රතිපත්තිය” මගින් 2006 දී හඳුනා ගන්නා ලදී. ඒ අනුව එම උපායමාර්ගික අරමුණේ කොටසක් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනය හඳුනාගන්නා ලදී. මෙම අරමුණ ඇතිව, ඉහත සඳහන් කරුණු සැළකිල්ලට ගනිමින් එ‌තෙක් පැවති “වළකාලන ලද පිරිවැය මත පදනම් වූ අයක්‍රමය” (avoided cost based tariff) වෙනුවට, 2007 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි පිරිවැය පදනම්කරගත්, ඒ ඒ තාක්‍ෂණයට විශේෂී, ත්‍රිත්ව ස්ථර අයක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගනු ලැබ ඇත.


පිරිවැය පදනම්කරගත්, තාක්‍ෂණ විශේෂී, ත්‍රිත්ව ස්ථර NCRE අයක්‍රමය

පිරිවැය පදනම් කරගනිමින් NCRE විදුලි බලාගාර සඳහා අයක්‍රම නිර්ණය කිරීමේ ක්‍රමවේදය බොහෝ රටවල බහුලව භාවිතා වන ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදය භාවිතා කරමින් ගණනය කරන ලද්දාවූ අය ක්‍රමය ව්‍යාපෘති සංවර්ධකයන් හට ඔවුන්ගේ මෙහෙයුම් හා නඩත්තු (O&M) වියදම් මෙන්ම ප්‍රාග්ධන වියදම් (Capital Costs) පියවා ගැනීමට ඉඩප්‍රස්ථාව සලසයි. එය ආයෝජිත ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ ලැබීම සහතික කරනු ලැබීමකි.

ත්‍රිත්ව ස්ථර අය ක්‍රමය (මෙය ස්ථාවර ගාස්තුවකින්‚ විචල්‍ය මෙහෙයුම් හා නඩත්තු ගාස්තුවකින් සහ ඉන්ධන ගාස්තුවකින් සමන්විත වේ)

මෙම ක්‍රමවේදයේදී ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස මුදල් ගලාඒම (කෑෂ් ෆ්ලෝස්) විශ්ලේෂණය කරමින් සහ ආයෝජකයින් වෙත කොටස් මත ප්‍රතිලාභ (රිටර්න් ඔන් ඉක්විටි) ලබා දීම මුදල් පිටතට ගලායෑමේ (කෑස් අවුට්ෆ්ලෝහි) එක් අංගයක් ලෙස ද විශ්ලේෂණය කරමින් වාර්ෂික විදුලි උත්පාදන වියදම ඇස්තමේන්තු කරනු ලබයි. කෙසේ නමුත් මෙම ක්‍රමවේදය ව්‍යාපෘතීන් සඳහා යෙදීමේදී යම් යම් වෙනස්කම් සහිත වෙයි. මෙම අය ක්‍රමය ස්ථර වශයෙන් දිය හැකිය. මෙහෙයුම් පිරිවැය (ඔපරේෂනල් කොස්ට්ස්) සහ ආයෝජනයේ ප්‍රතිලාභ (රිටර්න් ඔන් ද ඉන්වෙස්ට්මන්ට්) ආවරණය වන පරිදි සකසා ඇති මෙම අය ක්‍රමයේ මූලික වර්ෂයන්හීදී ලබා දෙන අගය වැඩි වන අතර (සාමාන්‍යයෙන් ව්‍යාපෘතිය සඳහා ලබාගත් ණය ආපසු ගෙවීමේ කාලසීමාව වන) ඉන් පසු කාලීනව එය අඩු අගයක් ගනී. මෙම ක්‍රමවේදය භාවිතයෙන් අය ක්‍රම ඇස්තමේන්තු කිරීමේදී ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ යෑම, මෙහෙයුම් සහ නඩත්තු ඉහළ යෑම මෙන්ම ඉන්ධන පිරිවැය ඉහළ යෑම ද, සහන ලබා දීම පිළිබඳ සැලකීමේදී මූල්‍යමය දිරිගැන්වීම් ඇතුළු අනෙකුත් සහනාධාර ලබා දීම ද ඇතුළත් විය හැක. මෙම ක්‍රමවේදය භාවිතයෙන් ගණනය කරනු ලැබෙන අය ක්‍රමවල අගයන් විදුලිය ජනනය කිරීම සඳහා භාවිතා කරන තාක්ෂණයෙන් තාක්ෂණයට විවිධ අගයන් ගත හැකිය. මක්නිසාද යත් එය කාර්යසාධනය (පර්ෆෝමන්ස්) හා පිරිවැය (කොස්ට්ස්) මත පදනම්වන හෙයිනි.

තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, මෙම ක්‍රමය භාවිතයෙන් සකසනු ලබන අය ක්‍රම මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ, ව්‍යාපෘතියේ/තාක්ෂණයේ වියදම සහ කාර්යසාධනය (පර්ෆෝමන්ස්) මතය.

ස්ථාවර ගාස්තු අය ක්‍රමය

වියදම මත පදනම් වන ප්‍රවේශයේදී සෑම ව්‍යාපෘතියක් සඳහාම අය ක්‍රමය මනා ලෙස ඇස්තමේන්තු කළ යුතුය. කෙසේ නමුත් සම්පත් හා කාලයේ හිඟකම නිසා, බොහෝ විට බලාගාර සාධකය සහ ප්‍රාග්ධන පිරිවැය ආදී සාමාන්‍ය පරාමිතීන් සළකාබලමින් කාර්යසාධනය (පර්ෆෝමන්ස්) සැසඳීමේ පිළිගත් ක්‍රමවේදයක් වන තාක්ෂණික මිණුම් ලකුණුකිරීම (ටෙක්නොලොජි බෙන්ච්මාර්කින්) අයක්‍රම ඇස්තමේන්තු කිරීම සඳහා යොදා ගනී.

පිරිවැය පදනම්කරගත්, තාක්‍ෂණික විශේෂී, ත්‍රිත්ව ස්ථර අයක්‍රමය 2012-01-01 දින සිට නැවත දැනුම් දෙන තුරු බලාත්මකය.

සම්මත බලශක්ති මිලදීගැනීමේ ගිවිසුම්

1. කුඩා ජල විදුලි බලාගාර ප්‍රභව

2. කෘෂිකර්ම සහ කාර්මික අපද්‍රව්‍ය ප්‍රභව

3. ජෛව ස්කන්ධ (ඩෙන්ඩ්‍රො)

4. නාගරික අපද්‍රව්‍ය ප්‍රභව

 

NCRE Tariff Announcement (2022)

Click here to download the NCRE Tariff Announcement (2022) as a PDF.

 

 

ජාතික බලශක්ති ප්‍රතිපත්තිය

වර්ෂ 2015 වන විට ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපයන දායකත්වය අවම වශයෙන් 10% මට්ටමට ළඟා කරවීමට රජය උත්සහ කරනු ඇත.

ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය මුහුණදී සිටින අභියෝග රැසකි. අඛණ්ඩ විදුලිබල සැපයුමක් හා ඛණිජ තෙල් නිෂ්පාදනයන් සැපයීම සහතික කරන අතරම, වර්ධනය වෙමින් පවතින ආර්ථිකයට, දේශීය බලශක්ති ප්‍රභව හා ආනයනික පොසිල ඉන්ධන අතර උපායමාර්ගික සමතුලිතතාවයක් පවත්වාගනිමින් කළමනාකරණය මෙහෙයවීමට සිදුව ඇත

තවමත් ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනයෙන් ¼ පමණ පිරිසකට සිය ගෘහස්ථ අවශ්‍යතා සපුරාගැනීම සඳහා විදුලිබල සබඳතා සැපයිය යුතුව පවතී.

වාණිජ බලශක්ති උපයෝගීතාකරුවන්ගේ මූල්‍ය ශක්‍යතාව සහ සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරණු පිණිස තවදුරටත් ඔවුන් ශක්තිමත් කිරීම අවශ්‍යය. එමෙන්ම බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව (සේවා නියාමනය සහ සැපයීම, මෙහෙයුම් හා ආයෝජනය) උනන්දුව ඇති පාර්ශව සහ සංවර්ධන හවුල්කරුවන් ඇතුළු රටවැසියන්ගේ සම්බන්ධ වීම තවදුරටත් වර්ධනය විය යුතුය

සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය (2022-06-21 දින දක්වා යාවත්කාලීන වාර්තාව)

අංක විස්තර ව්‍යාපෘති වර්ගය ව්‍යාපෘති ගණන ධාරිතාවය (මෙ.වො)
01 දියත් කරන ලද ව්‍යාපෘති කුඩා ජල විදුලි බලාගාර 213 426.434
02 - සුළං ශක්තිය 17 148.45
03 - කෘෂිකර්ම හා කාර්මික අපද්‍රව්‍ය ප්‍රභව 4 13.08
04 - ජෛව ස්කන්ධ (ඩෙන්ඩ්‍රො බලශක්තිය) 9 27.01
05 - සූර්ය බලශක්තිය 75 108.36
06 Municipal Solid Waste 1 10
01 - එකතුව - කොමිස් 319 733.334


වසර 2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020 2121 2022
බලශක්ති (GWh) 222 257 320 363 436 462 517 566 609 640 0 0 743


වසර 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020 2021 2022
බලශක්ති (GWh) 722 730 1178 1215 1466 1170 1463 1714 1711 1704 2252 2010