CEB | Existing Customer

විදුලි බලයෙන් ආරක්ෂාව

නිවස්දී විදුලි බලයෙන් ආරක්ෂා වීමට වැදගත් කරුණු

  • ජලය සමග සම්බන්ධවී සිටින අවස්ථාවල විදුලි උපකරණ භාවිතයෙන් වළකින්න..

  • භාවිතයේ නොපවතින විදුලි උපකරන පේනුවෙන් ඉවත් කර (අන්ප්ලග් කර) තබන්න.

  • ලෝහමය ද්‍රව්‍යයන්ගෙන් විදුලි උපකරණ ඇල්ලීමෙන් වළකින්න.

  • උපකරණයක් හා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔබේ දෑත් තෙතමනයෙන් යුතු නොවන බවට වග බලාගන්න.

  • විදුලි තාපක (ඉලෙක්ට්‍රික් හීටර්) හා විදුලි උඳුන් තැටි (හොට් ප්ලේට්) අසල රෙදි හෝ ගෘහ භාණ්ඩ තැබීමෙන් වළකින්න.

  • විදුලි තාපක (ඉලෙක්ට්‍රික් හීටර්) තැබීමේදී ගිණි ඇවිලීමකට ලක්විය නොහැකි සමතලා මතුපිටක තබන්න.

  • උපකරණවල විදුලි රැහැන් උඳුන් හා අනෙකුත් උණුසුම්වන ස්ථානයන් සමග ගැටීම වළක්වාගත යුතුය.

  • විදුලි උපකරණ පේනුවෙන් ඉවත් කිරීම (අන්ප්ලග් කිරීම) සඳහා රැහැනෙන් ඇදීම සිදු නොකළ යුතුය.

  • දිරාපත්ව හෝ බිඳීමට ලක්ව ඇති විදුලි රැහැන් වහා අළුත් ඒවාට මාරු කළ යුතුය.

  • නිවසේ ඇවිද යන ස්ථානයන්වලින් විදුලි රැහැන් ඉවත් කර තැබීමට කටයුතු කළ යුතුය.

  • දරුවන්හට සහ සුරතල් සතුන් හට ලඟාවිය නොහැකි වන පරිදි උපකරණවල විදුලි රැහැන් ආරක්ෂිතව තැබිය යුතුය.

  • එක්ස්ටෙන්ෂන් කෝඩ් (විදුලි රැහැන් දිගු) භාවිතය හැකිතාක් අඩු කරගත යුතුය.

  • පරිපථ බිඳින (සර්කිට් බ්‍රේකර්) හා විලායක (ෆියුසස්) මාරු කිරීමේදී නිවැරදි ප්‍රමාණයේ උපකරණ භාවිත කළ යුතුය.

  • නිවසෙන් බාහිර රැහැන් ඇදීම් (අවුට්ඩෝ වයරින්) වෙනම පරිපථයක පවත්වාගත යුතුය.

  • කෙවෙනි පිටුවාන (අවුට්ලට්) තුළට විදුලි පේනුවක් (ඉලෙක්ට්‍රික් ප්ලග්) හැර වෙන කිසිඳු දෙයක් ඇතුළු නොකළ යුතුය.

  • බුමුතුරුණු (කාපට් හෝ රග්ස්) යටින් හෝ බරැති ගෘහ භාණ්ඩ යටින් විදුලි රැහැන් ගෙන යෑමෙන් වළකින්න.

  • කෙවෙනි පිටුවාන (අවුට්ලට්) භාවිතයේදී නියමිත ප්‍රමාණය ඉක්මවා උපකරණ වැඩි ප්‍රමාණයක් එකවර සම්බන්ධ කිරීම මගින් කෙවෙනි පිටුවාන (අවුට්ලට්) ඕවර්ලෝඩ් කිරීමෙන් (අතිබැරතාවයට ලක් කිරීමෙන්) වළකින්න. උපකරණ වැඩි ප්‍රමාණයක් ඇත්නම් ඒ සඳහා අවට ඇති වෙනත් කෙවෙනි පිටුවාන (අවුට්ලට්) භාවිත කරන්න.

  • එක්ස්ටෙන්ෂන් කෝඩ් (විදුලි රැහැන් දිගු) නිවසෙන් පිටත කටයුතු සඳහා භාවිත කිරීමේදී, නිවසෙන් බැහැර පරිසරයන්වල භාවිත කිරීමට අනුමත කර ඇති එක්ස්ටෙන්ෂන් කොඩ් පමණක් භාවිත කිරීමට සැළකිලිමත් වන්න.

  • පිටත පිහිටා ඇති කෙවෙනි පිටුවාන (අවුට්ලට්) සඳහා ආරක්ෂාකාරී, කාලගුණයට ඔරොත්තු දෙන ආවරණ යොදන්න.

  • නිවසේ ප්‍රධාන විදුලි සිවිච්චය තිබෙන ස්ථානය පිළිබඳ දැන සිටින්න.

  • කිසිඳු විටෙක කෙවෙනි පිටුවානයක් (අවුට්ලට්) තුළට පේනුවක් ආයාසයෙන් ඇතුළු නොකරන්න.

  • අලුත්වැඩියා කිරීමේදී හා පිරිසිදු කිරීමේදී සියළු විදුලි උපකරණ අන්ප්ලග් කිරීම (පේනුවෙන් ඉවත් කිරීම) සිදුකරන්න.

  • යම් හෙයකින් වතුරට වැටුනු විදුලි උපකරණයක් ආපසු ගැනීමට උත්සහ කරන්නේ නම් ප්‍රථමව එය අන්පල්ග් කිරීමට (පේනුවෙන් ඉවත් කිරීමට) වගබලාගන්න.

  • කිසිඳු විටෙක විදුලි උපකරණයක් තෙතමනය සහිත ස්ථානයක, ජලය සමග සම්බන්ධව සිටිමින් භාවිත නොකරන්න.

  • විදුලි උපකරණ භාවිතයේදී කූරු තුනේ පේනු (ත්‍රී ප්‍රොන්ග්ඩ් ප්ලග්ස්) භාවිත කරන්න.

  • විදුලි තාපක (ඉලෙක්ට්‍රික් හීටර්) ගෘහ භාණ්ඩ හා තිර රෙදි ආදියෙන් අවම වශයෙන් අඩි හතරක් (4) දුරින් තබන්න.

  • විදුලි තාපක වර්ග ක්‍රියාත්මක වෙමින් තිබියදී නින්දට යාමෙන් වළකින්න. උදාහරණ: නිදන කාමර ආදී ස්ථාන උණුසුම් කිරීම සඳහා භාවිත කරන තාපක (ස්පේස් හීටර්) හා උණුසුම ජනනය කරන ඇතිරිලි (හීටින් පෑඩ්) /උණුසුම ජනනය කරන පැළඳුම් (බැක් ව්‍රැප් හීටින් පෑඩ්) ආදිය.

  • අධික ලෙස රත්වීමට ලක්වෙන උපකරණ සෑම විටම අන්ප්ලග් (පේනුවෙන් ඉවත් කිරීමට) කිරීමටත් වෘත්තිකයෙක් මගින් ඒවා අළුත්වැඩියා කරගැනීමටත් කටයුතු කරන්න.

  • විදුලි බුබුළු මාරු කිරීමේදී සෑම විටම ස්විචයෙන් ක්‍රියා විරහිතර කිරීමට කටයුතු කරන්න.


එළිමහනේදී විදුලි බලයෙන් ආරක්ෂා වීමට වැදගත් කරුණු

එළිමහනේදී විදුලි බලයෙන් ආරක්ෂා වීමට වැදගත් කරුණු