ලංකා විදුලිබල මණ්ඩලයේ 55 වන සංවත්සරය සැමරීම අද දින (01) ලංවිම ප්‍රධාන මූලස්ථානයේ දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ලංවිම සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සහභාගී විය.
ලංවිම අධ්‍යක්ෂක මණ්ඩලීය සාමාජික ඉංජිනේරු. පුබුදු නිරෝෂන් මහතා සහ ලංවිම සාමාන්‍යාධිකාරී ඉංජිනේරු. කේ. ජී. ආර්. එෆ්. කොමෙස්ටර් මහතා ඇතුළු ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී විය.
තවද, වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහන සංවත්සර සැමරුමට සමගාමීව ලංවිම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. 55 වන ලංවිම සංවත්සර සැමරුම දිවයින පුරා ලංවිම කාර්යාල, බලාගාර හා වැඩබිම් වල පැවැත්වින.
වැඩිදුර කියවන්න
කර්තෘ හිමිකම © 2024 ලංකා විදුලිබල මණ්ඩලය
වෙබ් අඩවි නිර්මාණය: slt.lk