CEB


2021 නව වසරේ රාජකාරී ආරම්භ කෙරේ


ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානයේ 2021 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම 2021 ජනවාරි මස 01 වැනි සිකුරාදා දින සිදුකෙරින.

වර්තමානයේ පවත්නා කෝවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හමුවේ සේවක සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සහ මහජන ඒකරාශී වීම අවම කරගත යුතු හෙයින් ඒ පිළිබඳ රජයේ උපදෙස් අනුව මෙම කටයුතු සිදු කරන ලදී.

ආගමික වතාවත් පැවැත්වීමෙන් පසුව නව වසරේ වැඩ ආරම්භ කිරීම සංකේතවත් කරමින් ජාතික ධජය එසැවීම ලංවිම සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා විසින් සහ ලංවිම ධජය එසැවීම ලංවිම සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන්.ඩබ්.කේ. හේරත් මහත්මිය අතින් සිදු විය. 

අනතුරුව ජාතික ගීය හා ලංවිම ගීය ගායනා කිරීම සිදු කෙරුණු අතර, මව්බිම වෙනුවෙන් දිවිකැප කළ රණවිරුවන් ඇතුළු සියළු දෙනා සිහිකරමින් විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් පැවැත්වින. මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

තවද, දිවයින පුරා සියලුම ලංවිම අංශ/ශාඛා/ඒකක ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් එම කාර්යාල පරිශ්‍ර තුළ රාජ්‍ය සේවා ප්‍රතිඥාව/දිවුරුම ප්‍රකාශ කිරීම සහ ආයතන ප්‍රධානියාගේ කෙටි දේශනය පැවැත්වීම සිදු කිරීම සඳහා කටයුතු කරන ලදී.

අදාළ පුවත්