නාවලපිටිය කොටුමා උපපොළ විවෘත කෙරේ


ප්‍රංශ මූල්‍ය සංවර්ධන ආයතනයේ (AFD) ණය ආධාර මඟින් ලංකා විදුලිබල මණ්ඩලයේ මෙහෙයවීමෙන් ඉදිවූ නාවලපිටියේ 132/33kV කොටුමා උප පොළ විවෘත කිරීම ප්‍රංශ තානාපති අතිගරු එරික් ලැවර්තු මහතාගේ සහ විදුලිබල අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ සුරතින් ඊයේ (18) සිදුවිය.

මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු විජිත හේරත් මහතා, ලංවිම උප සභාපති එන්.එස්. ඉලංගකෝන් මහතා, ලංවිම සාමාන්‍යාධිකාරී එන්.ඩබ්.කේ.හේරත් මහත්මිය ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය.

අදාළ පුවත්