CEB


ලංවිම අභිනව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (දකුණු පළාත 2) කාර්යාලය විවෘත කෙරේ.


ලංවිම පාරිභෝගික ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරමින්, විශ්වාසදායී, සුරක්ෂිත, කඩිනම් හා ඵලදායී සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් ස්ථාපිත කරන ලද අභිනව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (දකුණු පළාත 2) කාර්යාලය 2021 අප්‍රේල් මස 6 වැනි දින ජනතා අයිතියට පත් කරන ලදී.

ලංකා විදුලිබල මණ්ඩලයෙහි අතිරේක සාමාන්‍යාධිකාරි (බෙදාහැරීම් අංශ 4) ඉංජිනේරු. රොහාන් සෙනෙවිරත්න මහතාගේ ආරාධනය පිළිගනිමින් එම අවස්ථාවට සපැමිණි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සම්භාවනීය සහභාගීත්වයෙන්, විදුලිබල අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලය විවෘත කෙරුණු අතර, ලංකා විදුලිබල මණ්ඩලයෙහි සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා සහ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු එන්.ඩබ්.කේ. හේරත් මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.


නො.61/1A, මුහුදු මාවත, තංගල්ල යන ස්ථානයේ පිහිටා ඇති නව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (දකුණු පළාත 2) කාර්යාලයෙන් මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මාතර, තංගල්ල හා හම්බන්තොට යන ලංවිම ප්‍රාදේශීය කාර්යාල ආවරණය වන පරිදි වර්ග කිලෝමීටර 3,075ක භූමි ප්‍රමාණයක විහිදුණු 365,000 කට ආසන්න පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතාවයන් කඩිනමින් ඉටු කර ගත හැකිය.
 

අදාළ පුවත්