CEB | Business With CEB


බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීම ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.


ලංකා විදුලිබල මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීමේ සමාරම්භක අවස්ථාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) අරලියගහ මන්දිරයේදී මාර්ගගත ක්‍රමවේද භාවිතයෙන් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍ය ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා, අධිකරණ අමාත්‍ය ගරු අලි සබ්රි මැතිතුමා, සුර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එම්. ආර්. රණතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අදාළ පුවත්