ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානයේ 2023 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම 2023 ජනවාරි මස 02 වැනි සඳුදා දින සිදුකෙරිණ.
ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව නව වසරේ වැඩ ආරම්භ කිරීම සංකේතවත් කරමින් ජාතික ධජය සහ ලංවිම ධජය එසැවීම ලංවිම සාමාන්‍යාධිකාරි ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා සහ අතිරේක සාමාන්‍යාධිකාරි (ආයතනික ක්‍රමෝපාය) ඉංජිනේරු කේ.ඒ.කේ. කොලොන්නෙ මහතා අතින් සිදු විය.
අනතුරුව 2023 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම නිමිති කරගත් වැඩසටහන පවත්වන ලද අතර, එහිදී ලංවිම සාමාන්‍යාධිකාරි ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී.
මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සේවක මහත්ම මහත්මීන් රැසක් ද සහභාගී විය.
තවද, දිවයින පුරා සියලුම ලංවිම අංශ/ශාඛා/ඒකක ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් එම කාර්යාල පරිශ්‍ර තුළ රාජ්‍ය සේවා ප්‍රතිඥාව/දිවුරුම ප්‍රකාශ කිරීම සඳහා කටයුතු කරන ලදී.
වැඩිදුර කියවන්න
කර්තෘ හිමිකම © 2023 ලංකා විදුලිබල මණ්ඩලය
වෙබ් අඩවි නිර්මාණය: slt.lk