CEB

ක්‍රියාකාරී රාජ්‍ය පාලනයට රටවැසියන් සහභාගී කරගැනීම සහ ඔවුනට වගකියන්නා වූ විවෘත රජයක් පිළිබඳ පොරොන්දුවක් සමගින් ශ්‍රී ලංකාවේ ‍තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RIT Act) අද දින සිට බලාත්මක වෙයි.

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඔවුන් විසින් තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමට අදාල වන්නාවූ ප්‍රධාන තොරතුරු නිලධාරීන් ඇතුළුව තොරතුරු නිලධාරී නිලය ලබන්නා වූ අයවලුන් පත්කිරීමට මෙන්ම ඔවුනට පුහුණුව ලබා දීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගනිමින් ඒ සඳහා අඩිතාලම දමමින් සිටින බවයි.

අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඔවුන් ශ්‍රී ලංකා තොරතුරු දැනගැනී‍මේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව සමග සමීපව කටයුතු කරමින් සිටින බවය. පණතින් එම කොමිෂන් සභාවට අභියාචනා විභාග කිරීමට, චෝදනා ලත් අයවලුන් පිළිබඳ පියවර ගැනීමට මෙන්ම වාර්තා කළමනාකරණය හා ‍තොරතුරු ඉල්ලාසිටීමට පෙර නිකුත් කිරීම (proactive disclosure) පිළිබඳ මාර්ගෝපදේශ නියම කිරීමට ආදී වශයෙන් විශාල බලයක් හිමිව ඇත.

ශ්‍රී ලංකාව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳව මෙසේ දියුණු නෛතික රාමුවක් ස්ථාපිත කළ නමුත් එම අයිතිවාසිකම පිළිබඳව සහ එය භාවිත කරන ආකාරය පිළිබඳව ජනතාව බොහෝ දුරට දැනුවත්කිරීමකින් තොරව පසු වන බව භුක්ති ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කළේ ''මෙම අයිතිවාසිකම ලැබීමත් සමගම ජනතාව මත ඇති වන වගකීම - එම අයිතිවාසිකම සැබෑ ලෙසම හිමිකරගනිමින් එදිනෙදා වැඩකටයුතු වලදී එය මෙවලමක් ලෙස භාවිතා කිරීම - යන දේ අවධානයට ලක් වී නැහැ'' යන්නයි.

ශ්‍රී ලංකාව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳව මෙසේ දියුණු නෛතික රාමුවක් ස්ථාපිත කළ නමුත් එම අයිතිවාසිකම පිළිබඳව සහ එය භාවිත කරන ආකාරය පිළිබඳව ජනතාව බොහෝ දුරට දැනුවත්කිරීමකින් තොරව පසු වන බව භුක්ති ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කළේ ''මෙම අයිතිවාසිකම ලැබීමත් සමගම ජනතාව මත ඇති වන වගකීම - එම අයිතිවාසිකම සැබෑ ලෙසම හිමිකරගනිමින් එදිනෙදා වැඩකටයුතු වලදී එය මෙවලමක් ලෙස භාවිතා කිරීම - යන දේ අවධානයට ලක් වී නැහැ'' යන්නයි.

“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳව සරළව හා පැහැදිලිව ජනතාව දැනුවත් කිරීම සඳහා රජය ඉටු කළ යුතු කාර්ය භාරය එය සාර්ථක කරගැනීමට අතිශය වැදගත්..”

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ නීතිය ආකාර කිහිපයකටම අනන්‍ය වන නීතියකි. එය අනෙකුත් සම්මත ලිඛිත නීතීන් අභිබවා යන්නේය, යම් පරස්පරතාවයක් ඇතිවන්නේ ද, තොරතුරු අනාවරණය කිරීම මගින් මහත්වූ මහජන සේවයක් සැලසෙන්නේ නම් සියළු තොරතුරු එමගින් අනාවරණය කිරීමේ හැකියාවක් ඇත්තේය.

පණත ඔස්සේ ඉල්ලා සිටින තොරතුරක් නීතියෙන් ආරක්ෂා වියහැකි හෝ මොනයම් හෝ විශේෂත්වයකට ලක්විය හැකි තොරතුරුක් වීමට ඉඩක් ඇති අවස්ථාවලදී පවා තොරතුරු දැනගැනීමේ පණත බලාත්මක වන්නේය.‍

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් විවෘත රජයක් සඳහා බලා‍පොරොත්තුවෙන් - මහජනතාවගේ උනන්දුවක් ඇති තොරතුරු දැනගැනීමේ (RTI) ඉල්ලීම් කිහිපයක් ඒවා අදාල රජයේ ආයතන වෙත අද දින යොමු කරන ලදී. ඊට ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයන් ද ඇතුළත්ව ඇත.

රජයේ අධිකාරීන් තමන් වෙත ඉදිරිපත් වන තොරතුරු ඉල්ලීම් සඳහා නියමිත කාල රාමුවක් තුළ (දින 28ක උපරිමයකට යටත්ව) ප්‍රතිචාර දැක්වීමට බැඳී සිටී.

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනී‍මේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව සතුව පුළුල් බලතල රාශියක් පවතින අතර, එහි ප්‍රධාන වගකීම වන්නේ රටේ ඕනෑම පුරවැසියෙකුට තොරතුරු දැනගැනීමේ අයිතිය බාධාවකින් තොරව භුක්ති විඳීමට ඇති හැකියාව සහතික කිරීමයි.

කොමිෂන් සභාවේ ව්‍යූහය ගත්විට එහි සාමාජිකකත්වය පුද්ගලයින් 5 දෙනෙකුගෙන් යුක්ත වන අතර, එම සාමාජිකයින් රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා, පුවත්පත් කලාවේදී, විද්‍යා හා තාක්ෂණ ‍හෝ කළමනාකරණ යන ක්ෂේත්‍රවල සාධනය කළ දැනීමක් අත්දැකීම් හා ප්‍රවීනත්වය සහිත පොදු සමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තන් විය යුතුය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ වත්මන් සාමාජිකයින් මෙසේය, මහින්ද ගම්මන්පිල මහතා (සභාපති), විනිසුරු පී. අර්. වල්ගම (කොමිෂන් සභා සාමාජික), ජ්‍යෙෂ්ට නීතීඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන (කොමිෂන් සභා සාමාජිකා), ජ්‍යෙෂ්ට නීතීඥ එස්. ජී. පුංචිහේවා (කොමිෂන් සභා සාමාජික), ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් (කොමිෂන් සභා සාමාජිකා).

අදාල ගැසට් නිවේදනයට අනුව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පණත පහත සඳහන් පොදු අධිකාරීන්ට අදාලව බලාත්මක වනු ඇත.

(අ) ආණ්ඩුවේ අමාත්‍යාංශයක්.

(ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ (ඉ) ඡේදය යටතේ නිශ්චිතව දක්වා ඇති ප්‍රමාණයට හැර 2007 අංක 7 දරන සමාගම් පනත හැර යම් ලිඛිත නීතියක්, හෝ පළාත් සභාවක ප්‍රඥප්තියක් මගින් හෝ යටතේ පිහිටුවන ලද යම් මණ්ඩලයක් හෝ කාර්යාලයක්.

(ඇ) ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක්.

(ඈ) රාජ්‍ය සංස්ථාවක්.

(ඉ) සිය කොටස්වලින් සියයට විසිපහක් හෝ ඉන් වැඩි ප්‍රමාණයක් හෝ අන්‍යාකාරයකින් පාලන අයිතියක් ඇති රජය හෝ රාජ්‍ය සංස්ථාවක් හෝ රජය සහ රාජ්‍ය සංස්ථාවක් එකතුව දරනු ලබන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද සමාගමක්.

(ඊ) පළාත් පාලන ආයතනයක්.

(උ) ආණ්ඩුව හෝ එහි නියෝජ්‍යායතනයක හෝ පළාත් පාලන ආයතනයක කොන්ත්‍රාත්තුවක්, හවුල් ව්‍යාපාරයක්, ගිවිසුමක් හෝ බලපත්‍රයක් යටතේ ව්‍යවස්ථාපිත හෝ පොදු කර්තව්‍යයක් ඉටුකරන එහෙත් ඒ ව්‍යවස්ථාපිත හෝ පොදු කර්තව්‍යයන්ගෙන් හෝ පොදු සේවාවන්ගෙන් ආවරණය වූ ක්‍රියාකාරකම් ප්‍රමාණයකට පමණක් සීමා වූ පෞද්ගලික හිමිකාරිත්වයක් හෝ සංවිධානයක්.

(ඌ) පළාත් සභාවක් විසින් පිහිටුවන ලද හෝ ඇති කරන ලද යම් දෙපාර්තමේන්තුවක් හෝ වෙනත් අධිකාරියක් හෝ ආයතනයක්.

(එ) මහජනතාව වෙත සේවයක් ලබාදෙනු ලබන සහ ඉල්ලා සිටින ලද තොරතුරු මහජනතාව වෙත ලබාදෙනු ලබන සේවයට අදාළ වනතාක් දුරට ආණ්ඩුව හෝ යම් දෙපාර්තමේන්තුවක් හෝ පළාත් සභාවක් මගින් පිහිටුවන ලද හෝ ඇතිකරන ලද වෙනත් අධිකාරියක් හෝ විදේශීය ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් මගින් සැලකිය යුතු ප්‍රමාණයේ අරමුදල් සපයනු ලබන රාජ්‍ය නොවන සංවිධාන.

(ඒ) යම් ලිඛිත නීතියක් යටතේ පිහිටුවනු ලබන, හඳුනාගනු ලබන හෝ බලපත්‍රයක් ලබා දෙනු ලබන හෝ රජය මගින් හෝ රාජ්‍ය සංස්ථාවක් මගින් හෝ පළාත් සභා ප්‍රඥප්තියක් යටතේ පිහිටුවනු ලබන හා ඇති කරනු ලබන යම් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් මූල්‍යාධාර සපයන පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය ආයතන ඇතුළු උසස් අධ්‍යාපන ආයතන.

(ඔ) යම් ලිඛිත නීතියක් යටතේ පිහිටුවනු ලබන, පිළිගනු ලබන හෝ බලපත්‍රයක් ලබා දෙනු ලබන හෝ රජය මගින් හෝ රාජ්‍ය සංස්ථාවක් මගින් හෝ පළාත් සභා ප්‍රඥප්තියක් යටතේ පිහිටුවනු ලබන හා ඇති කරනු ලබන යම් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් මූල්‍යාධාර සපයන වෘත්තීය හෝ කාර්මික අධ්‍යාපනය ලබා දෙන ආයතන ඇතුළු පුද්ගලික අධ්‍යාපන ආයතන.

(ඕ) යුක්තිය පසිඳලීම සඳහා ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකරණ හා ආයතන.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පණත ඔස්සේ තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලිය.