මන්නාරම “තම්බපවනී” සුළං බලාගාර උද්‍යානය ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරේ.


ශ්‍රී ලංකාවේ ප්‍රථම සුළං විදුලිබලාගාර උද්‍යානය වන මන්නාරම “තම්බපවනී” බලාගාරය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ආශිර්වාදයෙන්, විදුලිබල අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමන්ගේ සහ සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මැතිතුමන්ගේ ආරාධනයෙන්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරින.

“තම්බපවනී” සුළං විදුලිබලාගාර උද්‍යාන ව්‍යාපෘතියෙන් මෙගාවොට් 100 ඉක්මවූ සමස්ථ විදුලි නිෂ්පාදනයක් අපේක්ෂා කෙරෙන අතර එය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පළමු මහා පරිමාන සුළං විදුලි බලාගාරය ලෙස ඉතිහාසයට එක්වෙයි.

අදාළ පුවත්