CEB


ලංවිම ජාතික වොලිබෝල් ශූරතාවලිය 2021 ජයගනී


ශ්‍රී ලංකා වොලිබෝල් ෆෙඩරේෂණය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරඟය පසුගිය දා මහරගම - තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලංවිම ජාතික වොලිබෝල් කණ්ඩායම සහ බිටුලින්ක් වොලිබෝල් කණ්ඩායම අතර පැවැත්විණ. තියුණු තරඟයකින් පසු බිටුලින්ක් කණ්ඩායම අභිබවා ජාතික වොලිබෝල් ශූරතාවය දිනා ගැනීමට ලංවිම කණ්ඩායම සමත් විය.

ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම දිරිමත් කරමින් මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමන් ද එක්ව සිටි අතර, ලංවිම සභාපති ඉංජිනේරු විජිත හේරත් මැතිතුමා, ලංවිම උප සභාපති එන්.එස්.ඉලංගකෝන් මහතා, ලංවිම සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන්.ඩබ්.කේ.‍හේරත් මහත්මිය, ලංවිම ක්‍රීඩා සමාජයේ උප සභාපති ඉංජිනේරු කේ.කේ.එස්. දසනායක මහතා (අතිරේක සාමාන්‍යාධිකාරී - වත්කම් කළමනාකරණ) සහ ප්‍රධාන ලේකම් ජේ.එම්.ඩී.විජේවීර මහතා (අතිරේක මුදල් කළමනාකරු - බෙදාහැරීම් අංශ 1) ඇතුළු ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
 

අදාළ පුවත්