CEB | Business With CEB


2022 නව වසරේ රාජකාරී ආරම්භ කෙරේ


ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානයේ 2022 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම 2022 ජනවාරි මස 03 වැනි සඳුදා දින සිදුකෙරින.

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් සේවක සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සහ මහජන ඒකරාශී වීම අවම කරගත යුතු හෙයින් ඒ පිළිබඳ රජයේ උපදෙස් අනුව මෙම කටයුතු සිදු කරන ලදී.

ආගමික වතාවත් පැවැත්වීමෙන් පසුව නව වසරේ වැඩ ආරම්භ කිරීම සංකේතවත් කරමින් ජාතික ධජය එසැවීම ලංවිම සභාපති එම්. එම්. සී. ප්‍රදිනාන්දු මහතා විසින් සහ ලංවිම ධජ එසැවීම ලංවිම සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එම්. ආර්. රණතුංග මහතා සහ මුදල් කළමනාකරු ටී. කේ. ලියනගේ මහතා අතින් සිදු විය.

අනතුරුව ජාතික ගීය හා ලංවිම ගීය ගායනා කිරීම සිදු කෙරුණු අතර, මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය. තවද, දිවයින පුරා සියලුම ලංවිම අංශ/ශාඛා/ඒකක ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් එම කාර්යාල පරිශ්‍ර තුළ රාජ්‍ය සේවා ප්‍රතිඥාව/දිවුරුම ප්‍රකාශ කිරීම සඳහා කටයුතු කරන ලදී.

අදාළ පුවත්